කලා වැව වාන් දොරටු අඩි 01 බැගින්  විවෘත කරයි


 


 
(කුෂාන් ජයවර්ධන)

පවතින වර්ෂාපතනයත් සමග කලා වැවේ හදිසි වාන් දොරටු අඩි 01 ක බැගින්  විවෘත කළ බව කලාවැව කාර්යබාර ඉංජිනේරු කාර්යාලය පවසයි.

ප්‍රදේශයට ඇදහැළෙන වර්ෂාවත් සමග කලාවැවේ වාන් දොරටු අද (22) රාත්‍රි 7.30ට පමණ අඩිය බැගින් විවෘත කළ බව කලාවැව කාර්යබාර ඉංජිනේරු කාර්යාලය පවසයි.

ඒ අනුව මේ වනවිට කලාවැවෙන් කලාඔයට ජල ප්‍රමාණය තත්පරයට ඝණ අඩි 2017ක් මුදා හැරෙන බව කලාවැව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි. දිගින් දිගටම වර්ෂා සහිත තත්ත්වය පැවතියහොත් කලාවැවේ වාන් දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවන බවද එම කාර්යාලය පවසයි.

අනුව කලාඔය දෙපස පදිංචිකරුවන්ට අද (22) රාත්‍රියේ සිට අවධානයෙන් පසුවන ලෙස කලාවැව ජලාශ භාර ඉංජිනේරු කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.